23 November 2024


ජනපතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අදයි



ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට අපේක්ෂකයන් 20දෙනෙක් පමණක් වියදම් වාර්තා ලබා දී තිබෙන බවයි.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් දින 21ක් ඇතුළත ආදායම් - වියදම් වාර්තා ලබා දිය යුතු වනවා.

එම වාර්තා භාර දිය යුත්තේ පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසින් බවයි සඳහන් වන්නේ.

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට දැනුම් දුන්නේ අද දිනය තුළ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.

(colombotimes.lk)