29 January 2026

logo

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නක් - 07කට දිවි අහිමි වෙයි



දකුණු කොරියාවේ බුචියෝන් නගරයේ මහල් 09කින් යුත් ගොඩනැගිල්ලක 08වන මහලේ ගින්නක් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් පුද්ගලයන් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එමෙන්ම පුද්ගලයන් 12 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)