19 April 2025

INTERNATIONAL
POLITICAL


මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක ගින්නක්



රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයේ පිහිටා ඇති කාර්යාල ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.

ගින්නට හසුවූ එක් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 8 දෙනාගෙන් 6 දෙනෙකු ගොඩනැගිල්ල තුළ මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

අනෙක් දෙදෙනා ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලේ ඉහළ මහලෙහි ගින්න හටගෙන ඇති බවයි  සඳහන් වන්නේ.
(colombotimes.lk)