11 August 2025

logo

දකුණු ඇමරිකාවේ හටගත් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාව මේ වසරේදී



වසරක් තුළ දකුණු ඇමරිකානු රටවල හටගත් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාව මෙම වසරේදී වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චන්ද්‍රිකා දත්තවලට අනුව මෙම වසරේදී රටවල් 13ක ස්ථාන 346,112කින් ලැව්ගිනි වාර්තා වී තිබෙන බවයි.

දකුණු ඇමරිකාව, බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ සිට ලොව විශාලතම තෙත් බිම් හරහා බොලිවියාවේ සියලු වනාන්තර ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.

එමෙන්ම ඒ හේතුවෙන් සතුන්ද මිලියන ගණනක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)