15 June 2025


චීනයේ බස් රථ අනතුරින් 11කට දිවි අහිමි වෙයි



චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් 5දෙනෙක් ඇතුළු පුද්ගලයන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගය අසල රැදී සිටි තවත් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් වෙත කඩා වැදීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තවත් පුද්ගලයින් 13දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
(colombotimes.lk)