10 January 2026

logo

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10ක් බෙදා අවසන්



නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාද ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු එළඹෙන 14 වනදා වන විට අවසන් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)