11 August 2025

logo

බංගලාදේශයට ඇති වූ ගංවතුරෙන් මිලියන 5ක පිරිසක් අවතැන් වෙයි



බංගලාදේශයට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් මිලියන 5ක් අවතැන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුර පවතින ප්‍රදේශවල විපතට පත් ජනතාවට ආහාර සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට එරට රජය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම ගංවතුර හේතුවෙන් අවතැන් වූවන් සඳහා ආරක්‍ෂිත ස්ථාන 3,176ක් ස්ථාපිත කර ඇති බවත් විශේෂ වෛද්‍ය කණ්ඩායම් 639ක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)