17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


වාහනවල අලවන ඡන්ද ප්‍රචාරක දැන්වීම් පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක්



සිය වාහනවල මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

වාහන හිමියන්ට පොලීසිය කියා සිටියේ දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසයි.

එලෙස දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් විසන්ම හඳුනාගන්නා එවැනි වාහන නවත්වා එම දැන්වීම් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)