29 January 2026

logo

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්



ඉදිරි දිනවලදී මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පවතින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළා.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ මෙම තත්ත්වය හමුවේ තම ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස අවදානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම අත්‍යාවශ්‍ය කරුණකට හැර සේවා ස්ථාන වලින් පිටතට නොඑන ලෙසත් දින කිහිපයකට අවශ්‍ය ආහාර හා ඖෂධ ළඟ තබා ගන්නා ලෙසත් වැඩිදුරටත් දැනුම් දී සිටියා.

මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් තම සේවා ස්ථානවල ඇති ආරක්ෂක කුටි භාවිතා කරන ලෙසයි.

(colombotimes.lk)