11 August 2025

logo

රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් පාකිස්ථාන රජයෙන් නියෝගයක්



නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා අවසරයකින් තොරව සියලුම රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රජයේ ආයතන විසින් නිකුත් කරන ලද කාර්යාල සංදේශයකට අනුව 1964 රාජ්‍ය සේවක රෙගුලාසි යටතේ උපදෙස් පිළිපදින ලෙස රාජ්‍ය සේවකයන්ට දන්වා තිබෙන බවයි.

එමෙන්ම එම නියෝගයට අනුව රජයේ සේවකයන්ට අවසරයකින් තොරව කිසිදු සමාජ මාධ්‍යක් භාවිතා කිරීමට ඉඩ නොදෙන බව විදෙස් මාධ්‍ය කළා.

(colombotimes.lk)