29 January 2026

logo

පාකිස්ථානයටත් මංකිපොක්ස් අවදානමක්



එම්පොක්ස් හෙවත් මංකිපොක්ස් රෝගීන් තිදෙනෙක් පාකිස්ථානයෙන් හමු වී ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝගීන් එක්සත් එමිර් රාජ්‍යයේ සිට පාකිස්ථානය වෙත පැමිණීමේදී හදුනාගෙන ඇති බවයි.

එම රෝගීන් තිදෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවත් ඔවුන්ට වැළඳී ඇති ප්‍රභේදය තවමත් තහවුරු කරගෙන නොමැති බවත් එම වාර්තාවල සඳහන්.

 
(colombotimes.lk)