29 January 2026

logo

ආපදා හේතුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ 29 දෙනෙක් ජීවිතක්ෂයට




ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා හමුවේ පුද්ගලයින් 29 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සහ හෙට දිනයන් තුළද ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකින් ඉහළ වර්ශාපතනයක් වාර්තා විය හැකි බවයි.

එමෙන්ම ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනද නිකුත් කර තිබෙනවා.

අවදානම් කලාපවල ජීවත්වන පුද්ගලයින් 23,000කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)