තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන 5ක මුදලක් ඉපැයීමේ ඉලක්කයක් තමන් සතුව තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
රුවන්වැල්ල ප්රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 5ක් බිහි කිරීමටද කටයුතු කරන බවයි.
(colombotimes.lk)