17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මාලිමා ආණ්ඩුවෙන් ත්‍රිකුණාමලය වරාය හරහා ඉන්ධන අපනයනය කිරීමට සැලසුමක්



ජාතික ජන බලවේගයේ රජයක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදේශීය ආයෝජකයෙක් සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක  අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලයේ පිරිපහදුවක් ඉදිකර ත්‍රිකුණාමලය වරාය හරහා ඉන්ධන අපනයනය කිරීමට කටයුතු කරන බවයි.

ඊයේ (28) කන්තලේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)