17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


තැපැල් ඡන්ද දායකයන් සංඛ්‍යාව ඉහළට



පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අයදුම් කළ තැපැල් ඡන්ද දායකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද අයදුම්පත් 25,731ක් අමතරව ලැබී ඇති බවයි.

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති මුළු තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව 738,050ක්.

ඒ අතරින් තැපැල් ඡන්ද අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
 
මේ අතර මුද්‍රණය කර අවසන් කළ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (23) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් වෙත භාරදීමට නියමිතයි.

(colombotimes.lk)