10 January 2026

logo

මාලිමාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත් සංශෝධනයක්



ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් ජනතාවට තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාව ගනු ලබන්නේ රට අලුත්ම මාවතකට හරවන තීන්දුවක් බවයි.

පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි වන ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)