22 November 2024


ආදායම් වියදම් වාර්තා අසම්පූර්ණ ජනපති අපේක්ෂකයන්ට දැනුම්දීමක්



ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් සහ නිසි ලෙස එම වාර්තා සකස් නොකළ අපේක්ෂකයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් තිදෙනෙක් එම වාර්තා මැතිවරණ කොමිසමට භාරදී නොමැති බවයි.

එමෙන්ම එම අපේක්ෂකයන්ට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවද නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)