11 August 2025

logo

පාකිස්ථානයේ ඖෂධ මිල අහස උසට



පාකිස්ථානයේ ඖෂධ මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එරට පිටගැස්ම සඳහා ලබා දෙන එන්නතේ සාමාන්‍ය මිල පාකිස්ථාන රුපියල්. 40ත් 50ත් අතර වන බවත් මේ වන විට එම අගය පාකිස්ථාන රුපියල්. 800 දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඖෂධ මිල ඉහළ යාමට අමතරව දරුණු රෝගාබාධ සඳහා ලබා දෙන ඖෂධ හිඟ වීම හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වෛද්‍ය හා ඖෂධ ක්ෂේත්‍රවල පර්යේෂණයන් සහ සංවර්ධනයන් සිදු නොවන බැවින් පාකිස්ථාන ජනතාවට ඖෂධ හිඟයට මුහුණ දීමට සහ අධික මිලකට ඖෂධ ලබා ගැනීමට සිදුව ඇති බවයි.

(colombotimes.lk)