29 January 2026

logo

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්



ගාසා තීරය තුළ සිදු කරන ප්‍රහාරයන් වහාම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (12)ගාසා තීරයේ පාසලක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය සිදු කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට පත් වූ බවයි.

ඒ අනුව හැකි ඉක්මනින් සටන් විරාමයක් ක්‍රියාත්මක කර මනුෂ්‍ය ඝාතනයන් නැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 41,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)