11 January 2026

logo

රාජ්‍ය අමාත්‍යවරුන් 4ක් සිය ධූරවලින් ඉවතට



වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙක් නිල වශයෙන් සිය ධූරවලින් ඉවත් කර තිබෙනවා.

එසේ ධූරවලින් ඉවත් කර ඇත්තේ වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන අමාත්‍යවරුන්වයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (03) (අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය යටතේ ඔවුන්ව එම ධූරවලින් ඉවත් කර තිබෙනවා.  

(colombotimes.lk)