19 April 2025

INTERNATIONAL
POLITICAL


නයිජීරියාවේ බිහිසුණු අනතුරක් - පුද්ගලයන් 48ක් ජීවිතක්ෂයට



නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 48දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන රැගත් බවුසරය, ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව  ඇති බවයි.

අනතුරින් ට්‍රැක් රථයේ සිටි ගවයින් 50දෙනෙක්ද මියගොස් තිබෙන අතර පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)