29 January 2026

logo

පැයට කිලෝමීටර් 216ක වේගයකින් සුළි කුණාටුක් Kyushu දූපතට



Shanshan සුළි කුණාටුවෙන් ජපානයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර් 216ක වේගයකින් සුළි කුණාටුව Kyushu දූපතට කඩා වැදුණු බවයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
 
Kyushuහි නිවාස 250,000කට පමණ විදුලි බලයද ඇණ හිට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

 
(colombotimes.lk)