22 November 2024


Travis Headගෙන් පන්දු වාරයකට ලකුණු 30ක්



සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු T20 තරගය ලකුණු 28කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 179ක් රැස් කළා.

එහිදී Sam Curran යොමු කළ එක් පන්දුවාරයක් තුළ ලකුණු 30ක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු Travis Head සමත් වුණා.

ඒ අනුව ඔහු මෙම තරගයේදී පන්දු 23ක් තුළ රැස් කරගත් ලකුණු ලකුණු සංඛ්‍යාව 59ක්.

පිළිතුරු  ඉනිම ක්‍රීඩා කළ සත්කාරක එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 151ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත තරගාවලිය 1 - 0ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටිනවා.

(colombotimes.lk)