15 February 2026

logo

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 75 ඉක්මවූ වැසි



බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද (19) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

(colombotimes.lk)