25 January 2026

logo

කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්



දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)