22 November 2024


ඇෆ්ගන් - නවසීලන්ත තරගය වසර 26ක වාර්තාවක් අලුත් කරයි



නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරගය අයහපත් කාලගුණය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමකින් හෝ තොරව අත්හැර දැමීමට ඊයේ (13) විනිසුරුවරුන් තීරණය කළා.

එලෙස කිසිදු දිනයකදී තරගය නොපවත්වා ටෙස්ට් තරගයක් අත්හැර දැමීමට සිදු වූ ඉතිහාසයේ 8 වන තරගය ලෙස මෙය වාර්තා අතරට එක් වුණා.

එමෙන්ම 1998 වසරෙන් පසුව කිසිදු පන්දුවක් නොයවාම ටෙස්ට් තරගයක් අත්හැර දැමීමට සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඉතිහාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් තරගයද මෙය වනවා.

(colombotimes.lk)