එංගලන්ත ටෙස්ට් තරග සංචරයක නිරත වූ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම අද (12) පස්වරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ.
තරග 3කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 2 - 1ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.
කෙසේ වෙතත් තරගාවලියේ 3වන තරගය ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කළ අතර එය වාර්තා වුණේ ශ්රී ලංකාවට වසර 10කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් තරග ජය ලෙසයි.
(colombotimes.lk)