30 May 2026

logo

වැසි තත්ත්වයේ වැඩිවීමක්



බස්නාහිර, සබරගමුව, දකුණ වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (21) රාත්‍රීයේ විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව ස‍ඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)