01 January 2026

logo

මංතීරු නීති කඩවූ නිසා අරුණගේ වාර්තා අහිමි වෙයි



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ධාවන තරග ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (06) පැවැත්වුණා.

එහි දෙවන අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනද සහභාගී වුණා.

මෙම තරගයේදී අරුණ දර්ශන සිය හොඳම පුද්ගලික කාලය වාර්තා කරමින් 05 වන ස්ථානය ලබා ගත්තද එහි මංතීරු නීති කඩ කිරීම හේතුවෙන් ඔහුගේ දක්ෂතාවය අවලංගු කිරීමට තරග තීරකවරු කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)