22 November 2024


ඕස්ට්‍රේලියාව හමුවේ ස්කොට්ලන්තයට අන්ත පරාජයක් - Josh Inglisගෙන් වාර්තාවක්



ස්කොට්ලන්තයට එරෙහිව පැවති දෙවන T20 තරගය ලකුණු 70කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලියේ ජය, තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 - 0ක් ලෙස   ඕස්ට්‍රේලියාව හිමි කරගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 196ක් රැස් කළා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Josh Inglis පන්දු 49කින් ලකුණු 103ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඔහු සිය ශතකය වාර්තා කිරීම සඳහා වැය කළේ පන්දු 43ක් පමණයි.

ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම T20 ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගැනීමට  හැකි වුණේ ලකුණු 126ක් පමණයි.

පන්දු යැවීමේදී Marcus Stoinis ලකුණු 23කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.

(colombotimes.lk)