06 July 2025

logo

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - අවධානයෙන් ඉන්න



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.  

(colombotimes.lk)