22 November 2024


කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ දෙකම පිටාර මට්ටමට



කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමට පිටාර මට්ටමට ආසන්න වී තිබෙන බව ජලාශ භාර ඉංජිනේරු පවසනවා. 

ඒ කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟයි. 
 
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 56 ක වර්ෂාපතනයක් සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 37 වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 06 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 03 දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ. 
 
ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වීම නිසා කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසුවා. 
 
පවතින අධික වර්ෂාවත් සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින අතර පවතින වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටමට ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
(colombotimes.lk)