02 January 2026

logo

චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයි



බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය විනය හේතු මත වහාම අත්හිටුවීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී හතුරුසිංහ බංගලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස දෙවනි වරටත් එම කණ්ඩායම සමඟ  එක්වුණා.

(colombotimes.lk)