ChatGPT කියලා කියන්නේ ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ OpenAI Tool එකක්.
මෙය බොහෝ දෙනෙකු තමන්ගේ අධ්‍යන කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා භාවිතා කරනවා.
නමුත් අද අපි කතා කරන්නේ iPhone සඳහා හඳුන්වා දෙන ලද ChatGPT App එක ගැන.
මෙමගින් ප්‍රශ්න Type කිරීම මඟින් පිළිතුරු ලබා ගැනීමට අමතරව තවත් පහසුකමක් ලබා දී තිබෙනවා.
ඒ අනුව, තමන්ගේ කටහඬ භාවිතා කර අසන ප්‍රශ්න වලටද මෙහිදී පිළිතුරු ලබා ගැනීම සිදුකළ හැකියි.
තාක්ෂණයෙන් ලාභ ලැබීමට උත්සාහ කරන අනෙකුත් ක්ලෝන යෙදුම් සඳහා මෙය විශාල පසුබෑමක් ඇති කරන බව සඳහන්.
එමෙන්ම ChatGPT ප්‍රථම වරට එළිදැක්වීමේදී රචනා, කවි, ආකෘති පත්‍ර සහ සංවාදාත්මක පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබුණා.
නමුත් මෙය මීට වඩා බොහෝ කරුණු කාරණා සඳහා මේ වනවිට භාවිතා කරන බව බොහෝ දෙනෙකු පවසනවා.
(VImarshana Samarakoon @ COLOMBO TIMES)