17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමේ කැබිනට් පත්‍රිකාවක් නිකුත් වී නැහැ - පැෆ්රල් සංවිධානය



රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට රජය ප්‍රකාශ කළද එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී නොමැති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට රජය කළ ප්‍රකාශය, ජනතාව හා රාජ්‍ය සේවකයන් නොමග යවන සුළු ප්‍රකාශයක් ලෙස පැෆ්රල් සංවිධානය නිරීක්ෂණය කරන බවයි.

එමෙන්ම කැබිනට් පත්‍රිකාවක් හෝ නොමැතිව කැබිනට් තීරණයක් ලෙස හුවා දැක්වීම රාජ්‍ය නායකයෙක් ලෙස නොකළ යුතු දෙයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

(colombotimes.lk)