11 January 2026

logo

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් උතුරට



ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස් හමු වී සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

ඒ යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්ත්වය, නිදහස හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)