29 January 2026

logo

උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්



අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක් පීඩාවට පත්ව තිබෙන බවයි.

සිනුජු, උයිජු යන ප්‍රදේශවලට ජල ගැලීම්වලින් වැඩිම බලපෑමක් සිදු වී තිබෙනවා.

එම තත්ත්වය හමුවේ පුද්ගලයන් 4000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ඔවුන්ව ගුවන්යානා මඟින් මුදා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)