15 February 2026

logo

ආසියානු කුසලානයේ පළමු ජය සිංහ ධේනුවන්ට




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.

ඒ බංගලාදේශ කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කාන්තා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 111ක් පමණයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර යාමට හැකි වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 114ක්.

තරග ජයග්‍රහණය වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 12ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 51ක්ද, හර්ෂිතා මාධවී ලකුණු 33ක් රැස් කර ගත්තා.

 
(colombotimes.lk)