03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs NZ - Test | දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනයේ තරග අද (29) පැවැත්වෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

සිය දෙවෙනි ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම ඊයේ(28) දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 199ක් රැස් කරගෙන සිටිනවා.
 
(colombotimes.lk)