11 August 2025

logo

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් - 16ක් මිය යයි



ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් ඇති බව පලස්තීන බලධාරීන් ප්‍රකාශ කළා.

එමෙන්ම තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරේ අවතැන් වූවන් දහස් ගණනකට මෙම ගොඩනැගිල්ල නවාතැන වූ බව සඳහන්.

(colombotimes.lk)