15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රදේශ කිහිපයකට තද වැසි



දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.  

එමෙන්ම විටින් විට පැ. කි. මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)