22 November 2024


සවස් කාලයේදී මිලිමීටර 75 ඉක්මවූ තද වැසි



බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.

(colombotimes.lk)