11 August 2025

logo

පුද්ගලයන් 18කට දිවි අහිමි කළ ඉන්දියාවේ බිහිසුණු අනතුර



ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී ධාවනය වූ බස් රථයක් අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් 18 දෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවෙක් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.   
(colombotimes.lk)