ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (11) නිකුත් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ 16 වන ස්ථානයේ සිට ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින්.
එහිදී කමිඳු මෙන්ඩිස් 19 වන ස්ථානයේ සමතැන් ලබා ගනිමින් ස්ථාන 6ක් ඉදිරියට පැමිණ තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 42කින් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින්නේ 39 වන ස්ථානයේයී.
මේ අතර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල විශ්ව ප්‍රනාන්දු 32 වන ස්ථානය දක්වාත්, ලහිරු කුමාර 32 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ එමෙන්ම මිලාන් රත්නායක එම ශ්‍රේණිගත කිරීම්වල 84 වන ස්ථානය දක්වා ස්ථාන 26කින් ඉදිරියට පැමිණ තිබෙන බවයි.
කෙසේ වෙතත් එංගලන්තට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු 8 වන ස්ථානයේ සිට 11 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
(colombotimes.lk)