බංගලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 3වන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ හයිද්රාබාද්හීදීයි.
එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී 297ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
මෙය වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර T20 ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එහිදී සංජු සැම්සන් ලකුණු 111ක්, සූර්යකුමාර් යාදෙව් ලකුණු 75ක් සහ හර්දික් පාන්ඩ්යා ලකුණු 47ක් රැස් කළා.
බංගලාදේශයේ දග පන්දු යවන්නෙක් වන රිශාඩ් යොමු කළ පන්දුවාරයකදී හයේ පහර 5ක් එල්ල කිරීමට සංජු සැම්සන් සමත් වුණා.
(colombotimes.lk)