06 July 2025

logo

ඉන්දු - ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය අදයි



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (27) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිවී ඇති අතර සූර්යකුමාර් යාදෙව් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

වනිඳු හසරංග නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව චරිත් අසලංක ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරන පළමු අවස්ථාවද මෙයයි.

(colombotimes.lk)