23 January 2026

logo

අයර්ලන්තයට එරෙහිව සිංහ ධේනුවන් අද තරග බිමට



සංචාරක ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා නායකත්වය දෙනු ලබන්නේ අනුෂ්කා සංජීවනී විසින්.

ඒ චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන The Hundred කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම හේතුවෙන්.

මෙම තරගය අයර්ලන්තයේ ඩබ්ලින්හිදී පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)