22 November 2024


කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කරයි



කලාවැවේ හදිසි වාන් දොරටු අද (29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා. 

එමඟින් මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 13,443ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙමින් පවතිනවා. 
 
ඒ අනුව මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86,357ක් බවයි වාර්තා වන්නේ. 
 
මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය, අවුකන විහාරස්ථානය අසළ සිට දුම්රිය පාලම දක්වා කොටස ජලයෙන් යටව ඇති අතර මේ වනවිට එම මාර්ගයේ රථවාහන ධාවනය ද ඇන හිට තිබෙන බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ. 
 
කලාවැව අවට ප්‍රදෙශයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර තත්ත්පරයට ඝණ අඩි 10,000 ක පමණ ජල ධාරිතාවයක් දඹුළු ඔය ඇතුළු ජලමූලාශ්‍ර මඟින් මේ වනවිටත් කලාවැවට එක්වෙමින් පවතිනවා.
(colombotimes.lk)