03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


වසර 41ක වාර්තාවක් මිලාන් බිඳ දමයි



ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය ඊයේ (21) අවසන් වුණා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කරගත්තා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක මංගල ටෙස්ට් තරගයේදී අංක 09 ස්ථානයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 72ක් රැස් කළා.

ඒ අනුව ඔහුට වසර 41ක ටෙස්ට් වාර්තාවක් බිඳ දැමීමට හැකි වුණා.

ඔහු එලෙස බිඳ දැමුවේ 1983 වසරේදී පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවේ Balwinder Sandhu විසින් ලකුණු 71ක් රැස් කරමින් තිබූ වර්තාවයි.

 
(colombotimes.lk)