17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නාමල් සභාපති ධූරයකින් ඉල්ලා අස්වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පුරප්පාඩු වූ කාරක සභාවට පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.

මීට පෙර නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයතු කළා.

(colombotimes.lk)